Wednesday, 8 March 2023

අගේ දිනපොත

  ______ දින 28කට වරක්,

අලුත් වන,

       ගැහැණියකගේ

දිනපොත ______


ඇල දොල වෙල් නියර

අතර දුව පැන ගෙවූ කාලය

හොර රහසේම ඉගිල ගිය

කිසිදා අමතකව නොයන

දිනක් ඇත

ගැහැණු සිත තුල

සුන්දරව රක්ත වර්ණයෙන්

හැඩ වුන....


කොටුවී අදුරු කුටියක

නොපෙනී පිරිමි පුලුටකුත්

ඇල් දියට ඇනූ බත

කෙසේ අමතක වම්ද,

තැම්බුම් හොද්දක රසය

කොලපතේ ඔතා

කොන්ද තැවූ

බත් මුලත් සමග

කැව්ව....


බැලූ වේලපත්කඩද

සුබ වූ දිනය ගෙන

ගමටම යහමින්

කොටහලුව කියා

මගුල් සිරිය ඇත

ගෙපැල පිරුමට....


සුදු රෙදි වසා සීත

අලුයම

ගැහෙන කිටි කිටි සීතලේ

මව් අතින් ඔසු පිරුනු

කලය ගෙන සෙනෙහසින්

දිය නාපු මතකයන්

ගලයි සිත

නහවන්න...


දෙපය අසල බිදූ කලයේ

කැබලි නැවුම් සුවදකට

නහය හුරු වූ දිනය

කිරි ගසට කෙටුව හැටි

වැටුනු කිරි බිදු

සේම

ගලාවිත් මතක පොත....


දොරකඩම තබා ඇති

පුවක් මල වට කෙරුව

වී කන්ද අතර තිබු

පහන් එකිනෙක නිව්ව,

දිනගානකින් දුටුව

කණ්ණාඩි මුහුනතේ

දුටු මුහුන තාමත්

මා මැයිද සැක බෝම...


පෙර මෙන් නොවේ දැන්

කණ්ණාඩි මුහුනතේ

පිරුනු කම්මුල් පුරා

රෝස පැහැ ඉතිරේ

යෞවනය උතුරනා

ගැටිස්සියකි ඇත්තේ....


ඒ දිනේ ගෙවුව හැටි

ගැහැනු නෑ අමතක කලේ

ඒ කාලේ ඒ දිනේ

එනකන්නේ හිටියේ

වටේ පිටේ කෙල්ලෝ

ජම්බු ගහෙන් වැටුනේ

මාත් වැටෙනා තුරුනේ

අපි බලා උන්නේ....


ගැහැණු කමේ වේදනාව

නෑ එදා හැගුනේ

ඒකයි ඒ තරම් පෙරුම්

පුරා උන්නේ .....


අද නම් හැගෙන්නේ

කුමක්ද මේ වූවේ

බොහෝ අසීරු කාලයක්

ගැහැනු සැම ගෙවන්නේ....


දින 28ට වරක්

එය අලුත් වන්නේ....

ලොවට නොපෙනී

සගවන්නේ කෝම

දවස තිස්සේම සිත ගැස්සී

ඇත්තේ....


ගැහැනියට උරුම දේ

මේ තමයි දිවියේ

"ඔසප් චක්‍රය"

සුන්දර නොවන්නේ....

ගැහැනු හරි පුදුමයි

මේ තරම් දුක්

දරන්නේ....


        ***  නිශී ***

අගේ දිනපොත

  ______ දින 28කට වරක්, අලුත් වන,        ගැහැණියකගේ දිනපොත ______ ඇල දොල වෙල් නියර අතර දුව පැන ගෙවූ කාලය හොර රහසේම ඉගිල ගිය කිසිදා අමතකව නොය...